ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ චරිත් අසලංකටයි.
මෙම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න ද කැඳවා තිබීම විශේෂත්වයක්.
මෙවර තරඟාවලියේ සම සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානයයි.
තරඟාවලියේ 'ඒ' කාණ්ඩය යටතේ  ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ ඕමානය තරඟවදින අතර 'බී' කාණ්ඩයෙන් පාකිස්ථානය, බංග්ලාදේශය, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරඟ වදිනවා. 
පළමු තරඟය ලබන 06 වනදා පක්ස්ථානය සහ හොංකොං අතර කරච්චිහිදී පැවැත්වෙන අතර අවසන් මහා තරඟය ලබන 15 වනදා පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. 
තරඟාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතය 
01. Charith Asalanka
02. Shammu Ashan
03. Kamindu Mendis
04. Avishka Fernando
05. Hasitha Boyagoda 
06. Sandun Weerakkody
07. Asela Gunaratne 
08. Nishan Madushka
09. Jeffrey Vandersay
10. Lasith Embuldeniya
11. Nishan Peiris 
12. Shehan Madushanka
13. Asitha Fernando 
14. Jehan Daniel
15. Chamika Karunaratne



