Gossips

ආසියානු නැගී එන කණ්ඩායම් ශූරතා තරඟාවලියට 23 න් පහල කණ්ඩායම නම් කෙරේ

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ නැගී එන කණ්ඩායම් ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම නම් කර තිබෙනවා.
එහි නායකත්වය හිමිව ඇත්තේ රිච්මන්ඞ් විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙහෙය වූ චරිත් අසලංකටයි. ආනන්ද විද්‍යාලය සහ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කළ ෂම්මු අෂාන් එහි උප නායකයා ලෙස කටයුතු කරනවා.
අසේල ගුණරත්න, ජෙෆ්රි වැන්ඩසේ, ෂෙහාන් මධුශංක වැනි ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ඇතුලූ 15 දෙනෙකු සංචිතයට ඇතුළත්.
මෙවර ආසියානු නැගී එන කණ්ඩායම් ශූරතා තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ පාකිස්ථානයේ පැවැත්වෙන අතර, පිළිමළුන් පිටුදැකීමේ වටය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ ඉන්දීය පිල පාකිස්ථානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
තරගාවලිය මේ මස 7 වනදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකා පිල ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ ඕමානය සමඟ ඒ කාණ්ඩයෙන් තරග වදිනවා.
බංග්ලාදේශය, හොංකොං, පාකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත් බී කාණ්ඩයේ මූලික වටයේ තරග පාකිස්ථානයේදී පැවැත්වෙනු ඇති.