Gossips

කෂෝගි ඝාතනයට සල්මාන් කුමරු සම්බන්ධ බවට තවත් තොරතුරක්

මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ අධීක්ෂකයා වූ සෞද් අල් කටානි වෙත මොහොමඞ් බින් සල්මාන් කුමරු යැවූ ඉලෙක්ට්‍රොනික පණිවුඩ සී.අයි.ඒ. අනාවරණ කරගෙන තිබෙනවා.
ඇමරිකානු වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත හෙලිදරව් කර ඇති පරිදි සල්මාන් කුමරු එලෙස පණිවුඩ 11 ක් කටානි වෙත යවා ඇති බව සඳහන්.
ජමාල් කෂෝගිගේ අවසන් පැය කිහිපය තුළදී යවා ඇති එම ඉලෙක්ට්‍රොනික පණිවුඩවල අන්තර්ගතය හෙලිදරව් කර නොමැති බව සඳහන්.
ජමාල් කෂෝගි ඝාතනය සඳහා මොහොමඞ් බින් සල්මාන් කුමරු සම්බන්ධ බවට සී.අයි.ඒ. සංවිධානය සැකය පළ කළද ජනපති ට්‍රම්ප් එය නිශ්චිත වශයෙන් පිළිගෙන නැහැ.