Gossips

සාරිපොට පැටලී, යතුරුපැදියෙන් වැටුණු කාන්තාවක් මරුට

මොරවක – නෙළුව මාර්ගයේ කළුබෝවිටියන නගරය ආසන්නයේදී යතුරුපැදියකින් ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වුණා.
36 හැවිරිදි එම කාන්තාවගේ හිසට එහිදී බරපතල තුවාල සිදුවී ඇති අතර, නෙළුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ඇයව කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇත්තේ.
මෙම අනතුරට හේතුව එම කාන්තාවගේ සාරිපොට යතුරුපැදියේ පසුපස රෝදයේ එතීම බවයි පොලීසිය සඳහන් කළේ.