Gossips

පන්නිපිටියේ දියමන්ති කොල්ලයට මාතර මල්ලී අත්අඩංගුවට

පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේ නිවසකට ඇතුලූවී නිවෙස් හිමියාට පහරදී මැණික් හා දියමන්ති කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තුසිත මදුරංග නොහොත් මාතර මල්ලී නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ගල්කිස්ස – මැලිබන් හන්දිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසළදී ඊයේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම සැකකරු 38 හැවිරිදි මාතර – රොටුඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය නොවැම්බර් 5 වනදා මෙම මැණික් හා දියමන්ති කොල්ලකෑම සිදුවූ අතර, එදින එම නිවසට පැමිණ සිටි විදේශිකයෙකුද පැහැරගැනීමට ලක්ව තිබුණා.