Gossips

ලෝක කාලගුණික සමුළුව අද ඇරඹේ

එළඹෙන දැවැන්ත පාරිසරික ඛේදවාචකයක් පිළිබඳ විද්‍යාඥයන්ගේ දැඩි අනතුරු ඇඟවීම් මැද, ලොව ජාතීන් 200 ක් පමණ ගෝලීය කාලගුණ වෙනස පිළිබඳ සමුළුවක් සඳහා පෝලන්තයේ කිටොවයිස් නුවරට අද රැස්වනවා.
ලෝක කාලගුණ වෙනස අවම කිරීම සඳහා සිය යෝජනා ඔවුන් එහිදී ඉදිරිපත් කරනු ඇති.
එක්සත් ජාතීන්ගේ කාලගුණ සමුළුව මෙලෙස පැවැත්වෙන්නේ මිහිතලය උණුසුම්වීමට මිනිස් සංහතියේ ප්‍රතිචාරය තීරණාත්මක අවස්ථාවක බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
මීට තුන් වසරකට පෙර පැරිසියේදී එකඟ වූ පරිදි උෂ්ණත්ව වෙනස සෙන්ටිගේ‍්‍රඩ් අංශක 1.5 කට සීමා කිරීම සඳහා වන සිය කැපකිරීම්, රටවල් විසින් මෙම සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.