මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වනවා.
ඒ අනුව, ලබන 12 වනදා දක්වා විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මෙවර විභාගයට අයදුම්කරුවන් 656,641 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.
විභාග මධ්‍යස්ථාන 4661 කදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතර, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541 ක් ස්ථාපිත කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ.
අයදුම්කරුවන් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන කරා පැමිණෙන ලෙසයි.
එමෙන්ම විභාග ප්‍රවේශ පත්‍රය ඇතුලූ අවශ්‍ය දෑ රැගෙන විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසද ඔහු අයදුම්කරුවන් වෙත සිහිපත් කළා.
එමෙන්ම, විභාග සදහා පෙනී සිටින සිසුන්ගේ මානසික මට්ටම් පිළිබදව දෙමව්පියන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.