Gossips

එජාපයේ යුක්තියේ යාත්‍රාව ගාල්ල පසු කරයි

රජයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන යුක්තියේ යාත්‍රාව මේ වනවිට ගාල්ල නගරය පසු කරමින් තිබෙනවා.
එය අද උදෑසන කොළඹ විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහය අසලින් ආරම්භ වුණේ පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
ඔහු විසින් සිදුකළ විධානයකට අනුව ඇරඹුණු රථ පෙළපාලිය මොරටුව සහ පානදුර නගරවලට පැමිණියා.
ඉන් අනතුරුව රථ පෙළපාලිය කළුතරට පැමිණි අතර, පෙළපාලියේ පැමිණි පිරිස කළුතර බෝසමිදුන් ද වැඳපුඳා ගත්තා.
පසුව කළුතර නගරයේ ජනහමුවක්ද පැවැත්වුණා.
අනතුරුව අම්බලන්ගොඩ, හික්කඩුව හරහා ගාල්ල දක්වා පැමිණි රථ පෙළපාලිය අද දිනයේ දෙවුන්දරින් අවසන් වනවා.
එය හෙට දිනයේදී තංගල්ලෙන් ආරම්භ වී කතරගම, මොණරාගල හරහා මහියංගනය දක්වා ගමන් කිරීමට නියමිතයි.