Gossips

නඩු තීන්දුව කුමක් වුවත් ජනතා හදවත්වල ඇති දේ විමසිය යුතුයි – කොටපිටියේ රාහුල හිමි

ඉදිරියේ එළැඹෙන නඩු තීන්දුව කුමක් වුවත් ජනතාවගේ හදවත්වල ඇත්තේ කුමක්ද යන්න විමසිය යුතු බව කල්‍යානි සාමග්‍රී මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසනවා.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ, බණ්ඩාරගම මිල්ලනිය ශ්‍රී දේවරක්ෂිතාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
පූජ්‍ය පොල්වත්තේ පඤ්චානන්ද හිමියන්ට දකුණු අමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක පදවි ප්‍රාප්තියට හිමි සන්නස් පත්‍රය පිළිගැන්වීම වෙනුවෙන් මෙම උත්සවය පැවැති අතර ඊට කතානායක කරූ ජයසූරිය මහතාද එක්ව සිටියා.