Gossips

වෙල් යායකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

වේයන්ගොඩ – ගොඩවෙල මාර්ගයේ වෙල්යායක තිබී පුද්ගල මළසිරුරක් අද (01) උදෑසන සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයාගත් පුදගලයා මහ බැංකුවේ සනීපාරක්ෂක කම්කරුවෙක් ලෙස සේවය කළ 63 හැවිරිදි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර මළ සිරුර සම්බන්ධයෙන් වන පස්චාත් මරණ පරීක්ෂණය ගම්පහ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
මියගිය පුද්ගලයා සතුව තිබූ බවට පැවසෙන අත්බෑගය සහ ජංගම දුරකථනය හමුනොවී ඇති අතර මෙම මරණය ඉබේ සිදුවූ මරණයක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.