Gossips

දඹර අමිල හිමියන්ට එරෙහිව, පොලීසියට පැමිණිල්ලක්

පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ලබාදී ඇති රුපියල් 95,000ක මාසික ඉන්ධන දීමනාව සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට පැමිණිලි කරන බව පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.
පූජ්‍ය දඹර අමිල හිමියන්ට අදාල මාසික ඉන්ධන දීමනාව ලබා දීමේ වවුචර් පතක් ඊයේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදි ද, හදුනා ගැණුනා.
ඒ, ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් බිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුලූ විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදියි.