Gossips

ට්‍රම්ප් – කිම්ජොං අන් හමුවක් යළි සිදුවන ලකුණු

උතුරු කොරියානු නායක කිම්ජොං අන් යළි හමුවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.
ඒ ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවැත්වෙන ජී – 20 සමුළුවට සමගාමීව දකුණු කොරියානු ජනාධිපති මූන් ජෝ ඉන් හමුවූ අවස්ථාවේදීයි.
උතුරු කොරියාවේ පූර්ණ සහ තහවුරු කළ න්‍යෂ්ටික අවිහරණයක් ඇමරිකාවේ අපේක්ෂා වන අතර ඒ සදහා කැපවී සිටින බවයි ජනපති ට්‍රම්ප් එහිදී පවසා ඇත්තේ.
පසුගිය ජුනි මාසයේ සිංගප්පූරුවේ පැවති සමුළුවේ පසු විපරමක් සිදුකිරීම ද අවශ්‍යතාවක්.
එහෙත්, එවැනි දෙවැනි සමුළුවක් පැවැත්වීමේ අභිලාෂය ජනපති ට්‍රම්ප් පළ කළේ යැයි දකුණු කොරියානු නායකයා කියා සිටියා.