Gossips

හෙට සිට වැසි වැඩිවීමක්

දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට (02) රාත්‍රියේ සිට තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව මධ්‍යම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.