Gossips

ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක්

අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව ද සංශෝධනය කිරීමට ඉදිරි සතියේදී බලාපොරොත්තු වන බව ඒකාබද්ධ ත්‍රිරෝද රථ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා ප්‍රකාශ කළා.
මේ අතර ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ ලබන සඳුදා සිට පළමු කිලෝමීටරය සඳහා වූ ගාස්තුව රුපියල් 10 කින් අඩුකිරිමට කටයුතු කරන බවයි.
ඒ අනුව රුපියල් 60 ක්ව පැවති පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 50 දක්වා අඩුවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.