Gossips

යුක්තියේ යාත්‍රාව කොළඹින් ගමන් අරඹයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර සභා පිටිය අසළින් අද (01) පෙරවරුවේ ආරම්භ වූ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා වන යුක්තියේ යාත්‍රාව රිය පෙරහර මේ වනවිට බේරුවල නගරය පසුකරමින් සිටිනවා.
මෙම රිය පෙරහර ගාල්ල, මාතර, නගර පසු කරමින් අද දිනයේදී දෙවුන්දරින් අවසන් කිරීමට නියමිතයි.
අනතුරුව හෙට (02) තංගල්ල නගරයේ ජන රැළියක් පැවැත්වීමෙන් අනතුරුව මෙම රථ පෙළපාලිය කතරගම මහා දේවාලය වෙත පැමිණෙනු ඇති.
එමෙන්ම රිය පෙරහර මොණරාගල හරහා මහියංගනය රජමහා විහාරයට පැමිණීමෙන් පසු අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට නියමිතයි.