Gossips

උඩවලව ජාතික වනෝද්‍යානය තුළ ඇතෙකුට වෙඩි

උඩවලව ජලාශයේ පිටවාන අසළ දී ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද (01) අලුයම ලද තොරතුරකට අනුව උඩවලව ජාතික වනෝද්‍යානයේ සිදුකළ සෝදිසියකදී මෙම ඇතාගේ සිරුර හමුවූ බවයි.
අවුරුදු 10ත්, 12ත් අතර වයසේ පසුවන මෙම හස්තියාට වෙඩි තැබූ පුද්ගලයන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.