Gossips

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා දූෂණ සොයන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම මෙන්ම මිහින් ලංකා පුද්ගලික සමාගම්වල සිදුවී ඇති බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ලබන වසරේ පෙබරවාරි 15 වනදා දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.
ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුවයි.
2016 ජනවාරි පළමුවනදා සිට 2018 ජනවාරි 31 වනදා දක්වා කාලසීමාව තුළ අදාළ සමාගම්වල සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව මෙමඟින් විමර්ශනය කෙරෙනවා.
මෙම කොමිසමේ නිල කාලය පසුගිය ජූලි 31 වනදා අවසන් වීමට නියමිතව තිබූ අතර, මීට පෙර එය මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කරනු ලැබුවා.