Gossips

ජනපති සහ එජාපෙ අතර හෙට තවත් සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව ඊයේ පැවති අතර ඊට එක්වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කියා සිටියේ තම අදහස් ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බවයි.
එමෙන්ම තවත් සාකච්ඡාවක් හෙට දිනයේදී ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන බව ද ඔහු කියා සිටියා.
මේ අතර, මෙම සාකච්ඡාවට පෙර දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ද වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක නිරත වුණා.