Gossips

එජාප යුක්තියේ යාත්‍රාව අද

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා වන යුක්තියේ යාත්‍රාව රිය පෙරහර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර සභා පිටිය අසළින් අද උදෑසන ආරම්භ වනවා.
මෙය කළුතර, ගාල්ල, මාතර, නගර පසු කරමින් අද දිනයේදී දෙවුන්දරින් අවසන් කිරීමට නියමිතයි.
අනතුරුව හෙට තංගල්ලෙන් ආරම්භ වන මෙම පා ගමන කතරගම මහා දේවාලය වෙත පැමිණෙනු ඇති.
එමෙන්ම රිය පෙරහර මොණරාගල හරහා මහියංගනය රජමහා විහාරයට පැමිණීමෙන් පසු අධිෂ්ඨාන පූජාවක් පවත්වා මහනුවර බලා පිටත්ව යාමට නියමිතයි.