දිවයින පුරා පවතින වැසි තත්ත්වය හෙට (01) සහ අනිද්දා (02) දිනයේදී තාවකාලිකව අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (30) රාත්‍රී කාලයේත් ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට මෙලෙස තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.