Gossips

මාබල් බීච් වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු මරුට

ත්‍රිකුණාමලය මාබල් බීච් වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද පස්වරු 1 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මියගොස් ඇත්තේ මහනුවර මඩවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13 සහ 17 ක ළමුන් දෙදෙනෙක්.
ඔවුන් ඊයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති උත්සවයකට පැමිණි පිරිසක් වන අතර අද දහවල් දිය නෑමට ගොස් සිටියදී මෙම ළමුන් දෙදෙනා දියේ ගිලී තිබෙනවා.
මළ සිරුරු මේවන විට කින්නියා මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර චීන වරාය පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.