Gossips

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයෙකුට නිදහස් කුසලානය අහිමිවෙයි

ආබාධයකට ලක්ව සිටින අසේල ගුණරත්නට නිදහස් කුසලාන විස්සයි විස්ස තරඟාවලිය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
මේ අතර ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංකටද නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි පවසනවා.
ෂෙහාන් බංග්ලාදේශය සමග පැවති දෙනවා විස්සයි විස්ස තරගයේදී පාදයේ අබාධයකට ලක්වුණා.
මේ අබාධය නිසා ෂෙහාන්ට මාසයක පමණ කාලයක් ක්‍රිකට් අහිමි වන බව ලැබ්බ්‍රෝයි මහතා පවසනවා.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගී වන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය ලබන මාර්තු මස 6 වනදා ආරම්භ වීමට නියමිතයි.
තරඟ 7 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ අවසන් මහා තරගය මාර්තු 18 වනදා පැවැත්වෙන අතර, ඊට එක්වන ඉන්දීය සහ බංග්ලාදේශ කණ්ඩායම් මාර්තු මස 4 වනදා දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
තරඟ කාලසටහන පහතින්.