Gossips

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව පන්දුවාර 20-20 ලෝක කුසලානයක පහස විඳගනී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ශ්‍රවණාබාධිතයන්ගේ 20-20 ලෝක කුසල ක්රික තරඟාවලියේ ශුරතාව දිනා ගන්නට ශ්‍රී ලංකාව අද සමත් වුණා.
ඒ අවසන් මහා තරඟයේදී ඉන්දියාව ලකුණු 66කින් පරාජය කරමින්.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09කට ලකුණු 145ක් රැස් කළ අතර ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 05ක් තුල සියල්ලන් දැවී රැස්කරගත හැකිවුයේ ලකුණු 109ක් පමණයි.
තරඟාවලිය පැවැත්වුනේ ඉන්දියාවේදියි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නේපාලය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව යන රටවල් මෙම තරඟාවලියට එක්ව සිටියා.