Gossips

යාන්ඔය පාලම යට සඟවා තිබූ ආයුධ තොගයක් සොයා ගැනේ (ඡායාරූප)

හොරොව්පතාන – යාන් ඔය පාලම යට සඟවා තිබූ ආයුධ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගොඩගනිමින් සිටිනවා.
අද පෙරවරුවේ සිට කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් මෙම ආයුධ තොගය ගොඩ ගෙන ඇත්තේ ලැබුණු තොරතුරකට අනුවයි.
මේ වනවිට ටී – 56 පතොරම්, ෂොට් ගන් කැබලි, මැගසින් සහ වෙනත් ආයුධ කොටස් විශාල ප්‍රමාණයක් ගොඩගෙන ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙම ආයුධ කවුරුන් විසින් මෙලෙස සඟවා තිබුණේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.
මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඡායාරූප – ත්‍රිකුණාමලය අබ්දුල් සලාම් යාසීම්