Gossips

ආනයන ඉහළට

පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරට ආනයන කටයුතු ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 8 දක්වා සියයට 6 යි දශම 1 කින් ඉහළ ගොස් තිබෙනවා.
සැප්තැම්බරයේ තෙල් මිල ඉහළ මට්ටමක පැවතීමත්, වාහන ආනයනය ඉහළ යාමත්, ඒ සඳහා ප්‍රධාන හේතූන් ලෙස විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
සැප්තැම්බර් මාසයේදී මෙරට වාහන ආනයනය සියයට 150කින් ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 138යි දශම 2 ක්.
වසරේ මුල් මාස 9 තුළ වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව වැය කර මුළු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 2 කට ආසන්නයි.
සැප්තැම්බරයේ අපනයන ආදායම ඩොලර් මිලියන 1 යි දශම 1 දක්වා ඉහළ ගොස් ඇත්තේ සියයට 4 යි දශම 4 කින්.
වසරේ මුල් මාස 9 තුළ මෙරට ආනයන – අපනයන වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් බිලියන 7 යි දශම 9 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.