Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජ තරඟාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් ‘‘ඒ‘‘ කාණ්ඩයේ ප්‍රධාන ක්‍රීඩා සමාජ තරඟාවලිය අද සිට ක්‍රියාත්මකයි.
ඒ සඳහා කණ්ඩායම් 14 ක් කාණ්ඩ 2 ක් යටතේ තරඟ වැදීමට නියමිතයි.
පසුගිය ශූරයන් වූ හලාවත – මේරියන්ස් ක්‍රිකට් සමාජය, මුවර්ස් ක්‍රීඩා සමාජය, එන්.සී.සී, රාගම ක්‍රිකට් සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ටැමිල් යූනියන් ‘‘ඒ’’ කාණ්ඩය යටතේ තරඟ වදිනවා.
පසුගිය වසරේ අනුශූරයන් වූ එස්.එස්.සී.කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, සී.සී.සී, බී.ආර්.සී, සැරසන්ස් ක්‍රීඩා සමාජය, බදුරලිය ක්‍රිකට් සමාජය සහ නවක මීගමුව ක්‍රිකට් සමාජය, බී කාණ්ඩය යටතේ තරඟ වදින කණ්ඩායම්.
මෙවර තරඟාවලියේදී ක්‍රීඩා සමාජ අතර ක්‍රීඩකයන් හුවමාරු වීමේ අවස්ථා රැසක්ම දක්නට ලැබීම විශේෂත්වයක්.
හලාවත – මේරියන්ස් පිල පසුගිය වසරේ ජයග්‍රහණය සඳහා මෙහෙය වූ මලින්ද පුෂ්පකුමාර මෙවර නියෝජනය කරන්නේ සී.සී.සී. කණ්ඩායමයි.
මූලික වටයේ තරඟවලින් පසු කාණ්ඩ දෙකේම පළමු කණ්ඩායම් හතර සුපර් එයිට් වටයට පිවිසෙනු ඇති. තරඟාවලියට අදාළව තුන්දින තරඟ 6 ක් අද ආරම්භ වනවා.