Gossips

ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුව වැඩ අල්ලයි, වෙනස්කම් කිහිපයක් සමඟින් නවසීලන්ත තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුව වැඩ අල්ලයි, වෙනස්කම් කිහිපයක් සමඟින් නවසීලන්ත තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ලබන මස 15 වනදා නවසීලන්තය සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
පසුගියදා පත්කළ අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙක් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරන ලද ප්‍රථම සංචිතය මෙය වන අතර මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
ආබාධයට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් සුවය ලබා යළි කණ්ඩායමට එක්ව ඇති අතර සංචිතයේ උප නායකත්වය දිමුත් කරුණාරත්න පත්කර තිබෙනවා.
මෙම සංචිතය සඳහා ළහිරු තිරිමාන්න ද කැඳවා ඇති අතර ඔහු ටෙස්ට් සංචිතයකට කැඳවා ඇත්තේ වසරකට පසුවයි.
ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත මෙම තරඟාවලිය වෙලින්ටන් හිදි අරම්භවනවා.
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න (උපනායක), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, රොෂෙන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න, සධීර සමරවික්‍රම, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර