Gossips

විරෝධතාවක් හේතුවෙන් රාජගිරියේ රථවාහන තදබදයක්

ආයූර්වේද සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට රාජගිරිය අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා.
සිසු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් කළ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස පාලනාධිකාරියට බලකරමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන්නේ.
එමෙන්ම, පානදුර – රත්නපුර මාර්ගයේ රත්නපුර පානදුර මංසන්ධියේ සිට සමන් දේවාලය දක්වා වන කොටසේ වාහන ගමනාගමනය අද පස්වරු දෙකේ සිට හෙට පස්වරු 06 දක්වා සීමා කෙරෙන බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ, පානදුර – රත්නපුර මාර්ගයේ හැට හතේ කණුව ආසන්නයේ ඇති මාර්ගයට අනතුරුදායක ලෙස ඇල වී තිබෙන ගලක් රසායනික පිපුරුම් ද්‍රව්‍ය යොදාගනිමින් මාර්ග සංවර්ධන අධිකාරිය පුපුරුවා හැරීම හේතුවෙන්.
මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.