Gossips

අගමැති සහ අමාත්‍ය මණ්ඩලය අභියෝගයට ලක් කරන පෙත්සම අභියාචනාධිකරණයේදී විභාග කිරීම ඇරඹේ

වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීමට නීතිමය බලයක් නොමැති බවට නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම විභාග කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
පසුගිය 26 වනදා අභියාචනාධිකරණය නියෝග කළේ එම පෙත්සම් සලකා බැලීම අද සහ ලබන වසරේ ජනවාරි මස 03 වනදා සිදුකිරීමටයි.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එහි කටයුතු කිරීමට බලයක් නොමැති බවට රීට් ආඥාවක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණේ පසුගිය 23 වනදායි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරු 122 දෙනෙකු විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.