Gossips

ඕස්ට්‍රේලියානු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා.
ඔවුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පිල සමඟ යොවුන් එක්දින ජාත්‍යත්නර තරඟ තුනකට සහ තුන්දින යොවුන් ටෙස්ට් තරඟයකට ද සහභාගි වීමට නියමිතයි.
යොවුන් එක්දින ජාත්‍යන්තර තරඟ තුන ජනවාරි 3 , 5 සහ 7 යන දිනවල පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තුන්දින යොවුන් ටෙස්ට් තරඟය ජනවාරි 10 වැනිදා සිට එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.