Gossips

අදත් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කරයි

කතානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂය අද දිනයේත් පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.
එමෙන්ම, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවක් ද මේ වනවිට පැවැත්වෙන බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ද අද උදෑසන පැවැත්වුණා.
අමාත්‍ය මණ්ඩලයේ වියදම් කැපීමේ යෝජනාවක් විපක්ෂය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළා.
අද පෙරවරු 10 යි 30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.