Gossips

මාර්ග බාධකයකින් පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

මඩකලපුව – වව්නතිව් පොලිස් වසමේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ මළ සිරුරු එම මාර්ග බාධකය අසල තිබී හමුවී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන 6 ට පමණ එම මෘත ශරීර සොයා ගෙන ඇති බවයි.
මෙම සැක කටයුතු මරණවලට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොලිස්පතිවරයාගේ නියමයෙන් මඩකලපුව කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණ යටතේ ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.