Gossips

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නැයි ඉල්ලා ස්ථාන කිහිපයක විරෝධතා

මහ මැතිවරණයකට බලකරමින් සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නැයි ඉල්ලා ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වුණා.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී දිදුළන හඬ සංවිධානය මුහුණු ආවරණ පැළඳ අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.
එහිදී විරෝධතාවයේ නිරත පිරිස සහ පොලිසිය අතර වචන හුවමාරුවක්ද සිදු වුනා.
මේ අතර රට පත්ව ඇති තත්ත්වයෙන් වහා ගොඩ ගන්නැයි ඉල්ලා රංගන ශිල්පීන් සහ සිවිල් සංවිධාන එක්ව ඊයේ ගාලු මුවදොරදී විරෝධතාවක නිරත වුණා.
මේ අතර, විද්වත් දේශ හිතෛෂි පෙරමුණ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මහ මැතිවරණයක අවශ්‍යතාව පෙන්වා දුන්නා.
මේ අතර මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා අත්සන් 50 ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපාරය අද පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය අසළින් ආරම්භ කෙරුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.
එම පෙත්සමට මහජන අත්සන් ලබාගැනීම කොළඹ කොටුව දුම්රියපොළ අසලදී සිදු කෙරුණා.