Gossips

විපක්ෂ නායක සහ එජාපෙ සමඟ සාකච්ඡාවකට ජනපතිගෙන් එකඟත්වයක්

රට තුළ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කතානායක කරූ ජයසූරිය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවුණේ ජනාධිපතිවරයා සහ කතානායකවරයා සාකච්ඡා කර විසඳුමකට එළඹීම යෝග්‍ය බවට අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇතුලූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමට අනුවයි.
මෙහිදී සෑම අංශයකින්ම රට තුළ අස්ථාවරත්වයක් ඇතිවෙමින් පවතින බවත්, රුපියල අවප්‍රමාණය වීම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රවල බිඳ වැටීම සම්බන්ධයෙන් කතානායකවරයා ජනාධිපතිවරයා වෙත පෙන්වා දුන් බව කතානායක කාර්යාලය ප්‍රකාශ කළා.
ඊට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් පළවූ බවයි එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.
එහි වැඩිදුරටත් දැක්වුණේ හෙට පස්වරුවේ විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුමකට එළැඹෙන බවට ජනාධිපතිවරයා, කතානායකවරයා වෙත දැනුම් දුන් බවයි.