Gossips

අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද පස්වරුවේත් සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇතිවිය හැකියි.