Gossips

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් නොමැතිව පාර්ලිමේන්තුව රැස්වේ – ඇමති විජේදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්වුණා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම සභා වාරය වර්ජනය කර ඇති අතර, අමාත්‍ය විජේදාස රාජපක්ෂ පමණක් ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටිනවා.
ඔහු මේ වනවිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටිනවා.
ඊට අමතරව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවට ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විපක්ෂයේ ඉදිරි පෙළ අසුනක අසුන්ගෙන සිටින බවයි පාර්ලිමේන්තුවේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.