Gossips

පාසල් නිල ඇඳුම් පෙබරවාරිය අවසන්වීමට පෙර

ලබන වසරේ පෙබරවාරි මාසය අවසන්වීමට පෙර පාසල් නිල ඇඳුම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ මෙතෙක් කල් පැවති නිල ඇඳුම් වවුචර් පත් ක්‍රමය වෙනුවට නිල ඇඳුම් රෙදි වශයෙන් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය 22 වනදා තීරණය කළ බවයි.
මේ අතර ලබන වසර සඳහා අවශ්‍ය පාසල් පෙළපොත්වලින් සියයට 87ක් පමණ මේ වනවිට බෙදා අවසන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.