Gossips

අධිකරණයට භාරවූ ‘‘ආවා අශෝක්’’ රිමාන්ඩ්

ආවා කල්ලිය මෙහෙයවූ පුද්ගලයෙකු බව කියන අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමැත්තා ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ. ඇලෙක්ස් රාජා නියෝග කළා.
ඒ, සැකකරු ඊයේ නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුවයි.
පසුගිය කාලයේ යාපනය ඇතුලූ ප්‍රදේශ රැසකම තියුණු ආයුධවලින් පහරදීම් සහ නිවාස මෙන්ම දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් ආවා කල්ලියට චෝදනා එල්ලවුණා.
එම කල්ලිය මෙහෙයවූ අශෝක් කුමාර් පොලීසියෙන් බේරීමට විවිධ ස්ථානවල සැඟව සිටි බවටයි වාර්තා වුණේ.