කොළඹ නගරයට සහ ඒ අවට ප්‍රදේශ රැසකට ඊයේ පස්වරුවේ පැය 3 ක් තුළ මිලිමීටර 122 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
ඊයේ පස්වරු 2.30 සිට 5.30 දක්වා කාලසීමාව තුළ මෙම වර්ෂාපතනය ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබුණා.
පොලීසිය සඳහන් කළේ තුන්මුල්ල, වෝඞ් පෙදෙස, කිංසි පාර, කොළඹ – කොටුව අවට සහ බේස්ලයින් මාර්ගය ඇතුලූ මාර්ග රැසක් මෙලෙස ජලයෙන් යටවූ බවයි.
එම නිසා එම මාර්ගවල පැය ගණනක දැඩි රථවාහන තදබදයක්ද පැවතියා.
කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදීත් පළාත් කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බවයි.
ඒ අනුව අද පස්වරු දෙකෙන් පසු සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.