Gossips

මන්ත්‍රී වසන්ත සේනානායක ගැන විවිධ අදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වුණේ වරින්වර ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ අසුන් ගැනීම හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස් පළ වුණා.
පසුගිය මස 29 වන දින නව රජයට එක්ව සංචාරක වනජීවි අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් වසන්ත සේනානායක මහතා පසුගිය 14 වැනිදා එම ධුරයෙන් ඉල්ලා අස්ව එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන බව සදහන් කළා.
කෙසේ වෙතත්, ඔහු පසුගිය 21 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ද එක්වුණා.
වසන්ත සේනානායක මහතා නැවතත් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වුණේ පසුගිය 26 වැනිදායි.