Gossips

ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපති, අධ්‍යක්ෂවරු පත් කිරීමට කමිටුවක්

සුදුසුකම් සහ පළපුරුද්දක් සහිත වෘත්තිකයින්, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරු සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කිරීමට අමාත්‍යවරුන්ට හැකිවන පරිදි අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
එම කමිටුව පත් කෙරෙන්නේ ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතුවයි.
මෙහිදී අධ්‍යක්ෂ මණ්ඩල සඳහා නිල බලයෙන් පත්වන සාමාජිකයන්ට හැර අනෙකුත් පත් කිරීම් සිදුකිරීමේදී අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමත කර ඇති නිර්ණායක පදනම් කරගනු ඇති.