Gossips

ඇමරිකා – රුසියානු සාකච්ඡා අත්හිටුවයි

යුක්රේනයේ නෞකා 3ක් අත්පත් කර ගැනීමේ සිද්ධිය මුල් කර ගනිමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමන් ඉල්ලා ඇති බවයි ඇමරිකානු ජනාධිපතිවරයා වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ.
මෙම සතියේ ආර්ජන්ටිනාවේ ආරම්භ වීමට නියමිතව තිබෙන ජී – 20 සමුළුවට සමගාමීව ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන්ගේ මෙම හමුව සැලසුම් කර තිබුණා.