Gossips

හෙට තරඟයට බංග්ලාදේශ කණ්ඩායමේ වෙනසක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ ඩකා හිදී හෙට ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ ඉම්රාන් කයිස් සහභාගි නොවන බව වාර්තා වනවා.
ඒ පුහුණුවීම් අතරතුර උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන්.
ඒ අනුව ඉම්රාන් කයිස් වෙනුවට ෂඩ්මන් ඉස්ලාම් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතයි.
කොදෙව් කණ්ඩායමට එරෙහිව – චිතගොන්හිදී පැවති පළමු ටෙස්ට් තරඟය බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 64 කින් ජය ගත්තා.