Gossips

උතුරේ පොහොර හිඟයක්

මෙවර මාස් කන්නය සඳහා උතුර පළාතේ ගොවීන්ට අවශ්‍ය පොහොර මෙතෙක් ලැබී නොමැති බවට වාර්තා වනවා.
ගොවිජන මධ්‍යස්ථානවලින් තමන්ට අවශ්‍ය පොහොර නිසි වේලාවට නොලැබීම හේතුවෙන් පෞද්ගලික වෙළඳසැල්වලින් පොහොර මිලදී ගැනීමට සිදුව ඇති බවයි ගොවීන් කියා සිටියේ.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ හෙට දිනය වන විට මෙම තත්ත්තවය මඟ හරවා ගැනීමට හැකි වනු ඇති බවයි.
පොහොර ගෙන එන නෞකාවක් මෙරටට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් මෙලෙස පොහොර හිඟයක් මතුව ඇති බවයි අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ.