Gossips

මාවතගම වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් අයෙක් මරුට – 9 කට තුවාල

මහනුවර සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාවතගම – කර්මාන්තපුර මංසන්ධියේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලැබුවා.
ඊයේ රාත්‍රී 10 යි 40ට පමණ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වාරියපොල – බණ්ඩාර – කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.
වෑන් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මාවතගම පොලීසිය සඳහන් කළා.