Gossips

වෙන්නප්පුවේ විහාරස්ථානයක පිං කැටය සොරකම් කරයි

වෙන්නප්පුව – පොතුවටවන මහා විහාරයේ විෂ්ණු දේවාලයේ තිබූ පිං කැටය කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබෙනවා.
පසුගිය 19 වනදා රාත්‍රියේ සිදුවූ මෙම සොරකම සම්බන්ධයෙන් පොතුවටවන මහා විහාරයේ විහාරාධිපති හිමියන් කොස්වත්ත පොලීසියට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව විමර්ශන ක්‍රියාත්මකයි.
සොරාගන්නා විට පිං කැටයේ රුපියල් එක්ලක්ෂ 30,000 ක මුදලක් තිබී ඇති අතර, විෂ්ණු දේව රූපයේ අතක තැන්පත් කර තිබූ ලක්ෂ 5 ක පමණ වටිනාකමකින් යුත් වාලම්පූරියක්ද දේව ප්‍රතිමාවට පළදවා තිබූ පවුම් තුනහමාරක් බරැති රන් දම්වැලක්ද සොරාගෙන ගොස් ඇති බව සඳහන්.