Gossips

නවසීලන්තය පරදවා පාකිස්ථානයට ජයක්

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගය ජයගැනීමට පාකිස්ථාන ක්‍රීඩකයින් අද සමත්වුණා.
තරගයේ පළමු ඉනිම සඳහා පාකිස්ථාන කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 418 ක් රැස් කළ අතර, නවසීලන්ත ක්‍රීඩකයින් පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලබාගත්තේ ලකුණු 90 ක් පමණයි.
අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩකයින්ට සියලූදෙනා දැවී එහිදීද ලබාගැනීමට හැකිවූයේ ලකුණු 312 ක් පමණයි.
ඒ අනුව ඉනිමක සහ ලකුණු 16 ක ජයක් පාකිස්ථානයට හිමිවුණා.