Gossips

මාතර සිසුවා ඝාතනයේ දෙවන සැකකරුත් රිමාන්ඩ්

මාතර – ඇලවේල්ල පාර ප්‍රදේශයේ, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දෙවන පාසල් සිසුවා ද ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තුන්වන සැකකරු වන මාතර – වල්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවාගෙන් මේ වනවිටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කෙරෙනවා.
මේ අතර ඝාතනයට ලක්වූ පාසල් සිසුවාගේ අවසන් කටයුතු මාතර – නාඉම්බල පිහිටි පවුලේ සුසාන භූමියේදී අද පස්වරුවේ සිදුකිරිමට නියමිතයි.