Gossips

ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

කතානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් අද දිනයේ ද පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කිරීමට තීරණය කළ බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කළා.
පස්වරු 12 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
මේ අතර, පසුගිය 14. 15, 16,19, 21 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදු නොවූ බව සදහන් කරමින් සභා නායක දිනේෂ් ගුණවර්ධන ඇතුලූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්, කතානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ අනුව, පාර්ලිමේන්තු හැන්සාඞ් වාර්තා පිළිගත නොහැකි බැවින් එම වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙසයි අදාළ ලිපියෙන් ඉල්ලා ඇත්තේ.