අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස්වන ජාත්‍යන්තර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද ආරම්භ වුණා.
ථෙරවාදී බෞද්ධ රටවල් අතර ආගමික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අන්තර්ජාතික ථේරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමය දෙවසරකට වරක් පවත්වන සමුළුවේ මෙවර සත්කාරකත්වය දරණු ලබන්නේ ශ්‍රී ලංකාවයි.
ථෙරවාදී බුදු දහම ව්‍යාප්තව ඇති රටවල් 10 ක භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන් මෙම සමුළුවට එක්ව සිටි අතර, සිතගු විශ්වවිද්‍යාලයේ කුලපති සහ මියන්මාරයේ සුජින් නිකායේ අනු සංඝනායක පූජ්‍ය අශීන් ඥාණිස්සර හිමිපාණන් වහන්සේ වෙත ජනාධිපතිවරයා විසින් මෙහිදී විශේෂ සිහිවටන තිළිණයක් පිළිගන්වා තිබෙනවා.
මෙම අවස්ථාවට අස්ගිරි මහ නිකායේ මහ නායක පූජ්‍ය වරකාගොඩ ඤාණරතන නායක හිමිපාණන්, මල්වතු මහ නිකායේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් මෙන්ම ත්‍රෛනිකායික මහා සංඝරත්නයද එක්ව සිටියා.